ආසියානු රියදුරා කාරයත් සමග මුහුදේ ගිලි මියයයි



ආසියානු රියදුරෙකු කාරයක බඩු පටවාගෙන රැගෙන යද්දී  මුහුදට පෙරළී මියගිය අවාසනාවත්ත පුවතක් එක්සත් අරාබි එමිරේට්ස් හි රාස් අල්-කයිමා නගරයෙන් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

අධික වේගයෙන් ධාවනය කිරීම නිසා රියදුරාට වේගය පාලනය කිරීමට නොහැකිවීම නිසා  කාරය මුහුදට පෙරළී ගොස් ඇත.  
ආරක්ෂක අංශ නිළධාරීන් පැමිණ රියදුරාගේ සිරුර කාරයෙන් එළියට ගෙන රෝහලක් වෙත යවා ඇත. 

මෙම අනතුර සිදුවීමට හේතුවු කරුණු කුමක්ද යන්න පිළිබද නීතිමය පරීක්ෂණයක් පැවත්වෙන බව ෂාම් පොලිස් ස්ථානයේ වැඩබලන අපරාධ සහ විමර්ශන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කල බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කලේය. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS