ආසියාතිකයන් 6 මරුට



ඕමානයේ සීබ් නගරයේ ජල නල ව්‍යාපෘතියක කම්කරුවන් ලෙස සේවය කරමින් සිටි ආසියාතිකයන් හය දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

ප්‍රධාන ජල නල මාර්ගයේ ඉදිකිරීම් ස්ථානක සිදුවූ අනතුරකින් ආසියාතිකයන් හය දෙනා ජිවිතක්ෂයට පත් වී ඇත.

අනතුරින් මියගිය කම්කරුවන්ගේ සිරුරු සෙවීම සඳහා සහන සේවකයන්ට පැය දොළහකට ආසන්න කාලයක් ගත කිරීමට සිදු වු බව ඕමාන් සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                         
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS