ආසියා කතුන් ලිංගික වහලුන් වෙලා



අප්‍රීකානු රටවල යන රටවල අනාථ දරුවන් හා ආසියාතික කාන්තාවන් සෞදි ආරාබිය තුළ ලිංගික වහල් සේවයේ යොදවන බව සෞදි අරාබියේ රජ කුමරියක්  ප්‍රංශයේ ල මොන්ද් පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී හෙළි කර ඇත.

ශ්‍රී ලංකාව, බංගලා දේශය, පිළිපීනය, සෝමාලියා, ජිබුටි, නයිජීරියාව, රුමේනියාව සහ බල්ගේරියාව යන රටවල දරුවන් හා කාන්තාවන් මෙසේ ලිංගික වහල් සේවයේ යොදවන්නේ යැයි පවසා ඇත්තේ අමීර් බින්ට් අයිඩන් බින් නයිෆ් නමැති සෞදි කුමරිය විසිනි. 

ඇය මෑතකදී සෞදි ආරාබියේ දූෂණ මර්ධන මෙහෙයුමක් අතරතුරදී අත්අඩංගුවට පත් වූ අල් වලීඞ් බින් තලාල් කුමරු සමඟ කළින් විවාහ වී සිටියාය.

ජෙඩා නගරය මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වූවන් උදෙසා බාල වයස් කාර දැරියන් ලිංගික වහල් සේවයේ යොදවන නගරයක් බවට පරිවර්ථනය කර ඇති බවද කුමරිය එහි දී පවසා තිබේ.

ජාවාරම්කරුවන් විසින් දරුවන් මිලට ගන්නා බවටත් ඉන් පසු මෙම දරුවන් ඔවුන්ගේ දේපලක් බවට පත් වන බවටත් අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව දරුවන්ට පිටව යාමට පවා හැකියාවක් නොලැබෙන බවටත් ඇය එහි දී චෝදනා කර තිබේ.

සෞදියට රැකියාව සඳහා එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන්ගේ තත්ත්වයට පත් වන බව කුමරිය පවසා ඇත.
බාල වයස්කාර ගැහැණු දරුවන් කුඩා කණ්ඩායම් වලට බෙදා ඔවුන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදවා ගන්නා බවද හෙළි දරවු කර ඇත.

ආසියානු කාන්තාවන්ට අමතරව සුදු කාන්තාවන්ද ගෙන්වීම සහ ලිංගික ක්‍රියාවල යොදවමින් ඔවුන් ද ගසා කෑම බහුලව සිදුවන බවද රජ කුමරිය හෙලි කර තිබේ.

විනිීතා එම් ගමගේ

 


RECOMMEND POSTS