ආසාදිතයන් ගණන 18 කින් ඉහළ යයි



ඕමානයේ කොරෝනා ආසාදිතයන් (කොවිඩ් -19) 18 දෙනෙක් අප්‍රේල් 01 දින අලුතින් වාර්තාවීඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඕමානයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව දෙසිය දහය (210) දක්වා ඉහළ යන අතර, තිස්හතර (34)දෙනෙක් මේවනවිට සුවය ලබා ඇත.

කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඕමාන් බලධාරීන් ආරක්ෂිත පියවරයන් ගණනාවක් ගෙන තිබේ.

ගුවන් ගමන් අත්හිටුවීම,සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම, සියලුම ක්‍රීඩා තරඟ නැවැත්වීම, සංචාරක යාත්‍රා ඕමාන් වරායන්වලට ඇතුළුවීම තහනම් කිරීම සහ මහජන රැස්වීම් තහනම් කිරීම ප්‍රධාන පියවරයන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS