ආසාදිත මවුවරුන්ගේ දරුවෝ



කුවේටයේ එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිත මව්වරුන්ගෙන් දරුවන් පනහකට (50) වැඩි සංඛ්‍යාවක් උපත ලබා ඇති බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ සහකාර උප-ලේකම් මජීඩා අල්-කටාන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සියලුම දරුවන්ට එච්.අයි. වී වෛරසය ආසාදනය වී නොමැති බවත්“එඩ්ස් සුවකළ හැකි’’ යන තේමාව යටතේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරගැනීමට පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් දියක් කර ඇති බවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000ක් දැණුවත් කිරීමට පියවර ගන්නා බවසහකාර උප-ලේකම්වරිය ප්‍රකාශ කළාය.

2021වනවිට එච්.අයි.වී ආසාදිතයන් 50%කින් අඩුකරගැනීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් එච්.අයි. වී(ඒඩ්ස්) පරීක්ෂණ මිලියනයකට වැඩි සංඛ්‍යාවක් වාර්ෂිකව පවත්වන බවත් දැනට ආසාදිතයන් 414 (කාන්තා/පිරිමි) දෙනෙක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS