ආරක්ෂිත කැමරා අනිවාර්යයි



ඕමානයේ ආහාර විකුණන සියළුම වෙළඳසැල තුල ආරක්ෂිත කැමරා සවිකළ යුතු බවට නියෝග කර ඇත.

අලුතින පනවන ලද ආහාර සුරක්ෂිතතා නීතියේ කොටසක් ලෙස අදාල නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන ඇත. 

වෙළඳසැල් තුල සිදුවන අක්‍රමිකතාවයන් සහ සෞඛ්‍යාරක්ෂිතව ආහාර අලෙවි කරනවාද නැද්ද යන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය කිරීමේ අමුණින් අදාල නියෝගය මස්කට් මහනගර සභාව පැනවීමට කටයුතු කර ඇත.

වංචනික අරමුණු ඉටුකරගැනීමට ආරක්ෂිත කැමරා වසාදමන හෝ  ක්‍රියාවිරහිත වී ඇති ආරක්ෂිත කැමරා සවිකර ගෙන සිටින වෙළඳසැල් හිමියන්ට විරුද්ධව ඕමාන් රියාල් 100 සිට 3,000 දක්වා දඩ මුදලක් අයකරන බව මහනගරසභාව ප්‍රකාශ කළේ ය.

සුරක්ෂිතතා නීතියට අවන්හල්, කැෆේ, ක්ෂණික ආහාර සපයන අවන්හල්, බේකරි, ආහාර සපයන පොදු මුළුතැන් ගෙවල්,ආහාර සැකසුම් කම්හල්, ඇඹරුම්හල්, සත්වඝාතකාගාර, ආහාර විකිණීමට ඇති සාප්පු සංකීර්ණ සහආහාර ගබඩා කර ඇති ප්‍රදේශඅයත්වේ.

2018 වර්ෂය තුල ආහාර සුරක්ෂිතතා නීතිය උල්ලංඝනය කළ ආයතන 9,916 කට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර 1,653ක් වසාදැමීමට පියවර ගෙන ඇත.

2017 වර්ෂයේ පැමිණිලි 26,306ක් මහනගරසභාවට වාර්තා වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS