ආරක්ෂිත කැමරා 95,000 ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රස් අල්-කයිමා නගරයම ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා 95,000ක් සවිකර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සියළුම මාර්ගයන් සහ ප්‍රදේශයන් ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා සවිකිරීමෙන් පසු නීතිවිරෝධි ක්‍රියාවන් සහ වැරදි කරන පුද්ගලයින් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බව රස් අල්-කයිමා පොලීසියේ උසස් පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර ඇත. 

ආරක්ෂිත කැමරා සවිකිරීමෙන් පසු එමිරේට්ස් හි ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමකට ගෙන එමින් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන බව රස් අල්-කයිමා පොලිස් මුලස්ථාන ප්‍රධානි, මේජර්ජෙනරාල්අලිඅබ්දුල්ලාබින්අල්වාන්අල්නියුවාමි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS