ආරක්ෂා වෙන්න ඇඳුමක්



කම්කරුවන් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කිරීමට ආරක්ෂිත නිල ඇඳුමක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

ආර්යම් අල්- මුවම්මාරිගේ සංකල්පයකය අනුව ආරක්ෂිත නිල ඇඳුම නිර්මාණය කර ඇති අතර පහසු මිලකට මිලදී ගැනීමට හැකියාව ඉදිරියේදි ලැබෙන බව නිර්මාණ ශිල්පිනිය පැවසුවාය. 

ආරක්ෂිත නිල ඇඳුම“ආර්යම් නිල ඇඳුම’’ ලෙස නම් කර ඇති අතර අබුඩාබි නුවරදී මුල්වරට එළිදක්වා ඇත.

අධික උෂ්ණත්වයක් ඇති අවස්ථාවන්වලදී කම්කරුවන්ගේ සිරුරු සිසිල් කිරීමටත්, උෂ්ණත්වයෙන් සිරුර ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත රසායනික ද්‍රව්‍යයක් භාවිතා කර නිල ඇඳුම නිර්මාණය කර ඇත.

කලීෆා විශ්ව විද්‍යාලයේ සිසුන් හතර දෙනෙක් ආරක්ෂිත නිල ඇඳුම් නිර්මාණය කිරීමට දායකත්වය ලබාදී ඇති අතර ඉදිකිරීම් අංශයේ මිලියන 1.5 ක් පමණ වන කම්කරුවන්ට සෙත සැලසෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS