ආරක්ෂක ලේකම් ඕමානයේ



එක්සත් ජනපද ආරක්ෂක ලේකම්, ජේම්ස් මැටිස් නිල සංචාරයක් සඳහා ඕමානයට පැමිණි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමානයේ සීබ් ගුවන් හමුදා කඳවුරටගුවන්යානයකින් පැමිණි එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා සහ එම දූත පිරිස ඉතා උණුසුම් ආකාරයෙන් ඕමාන් හමුදා ප්‍රධානී, බ්‍රීගේඩියර් සාලෙහ් බින් අහමඩ් අල්-හිනායි  පිළිගෙන ඇති අතර එම අවස්ථාවට වොෂින්ටන් නුවර ඕමාන් තානාපති, මස්කට් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ඕමාන් හමුදා ප්‍රධානීන් කීපදෙනෙක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS