ආරක්ෂක බලකාය ජනතාවට ආහාර බෙදයි



කුවේටයේ ජාතික ආරක්ෂක බලකාය අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව වාර්තා වේ.

ඒ අනුව, අල්-නුෂා සමුපකාර ගබඩාව පවත්වා ගෙන යාමේ වගකීම කුවේට් ජාතික ආරක්ෂක බලකාය භාරගෙන තිබේ.

අල්-කල්ඩියා සහ අල්-මහබුලා සමුපකාර සමිතිවල ශාඛා සාර්ථකව කළමනාකරණය කිරීමෙන් පසුව, අල්-නුෂා ගබඩාව පවත්වාගෙන යාමේ වගකීම භාර දුන් බව ජාතික ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයේ ය.

භාණ්ඩ සුරක්ෂිතාවය සහතික කිරීම සඳහා ගබඩාව කළමනාකරණය කරන බවත්, වැඩිහිටියන්ගේ සහ අගහිඟකම් ඇති අයගේ නිවෙස්වලට ද භාණ්ඩ ලබා දිය හැකි බව මූල්‍ය කටයුතු හා සම්පත් කළමනාකරණය පිළිබඳ ආරක්ෂක සහකාර, බ්‍රිගේඩියර් රියාඩ් මොහොමඩ් තවරි පැවසීය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS