ආරක්ෂක කවුන්සිලය ඇමෙරිකාවට දෙහි කපයි



ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කරනු ලැබ සිටින සිරියාවේ ගෝලාන් කඳවුර ඊශ්‍රායලයට අයත් භූමි ප්‍රදේශයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 14 කින් සැචුම්ලත් සංවිධානයකි. ඇමෙරිකාව ද එහි ප්‍රමුඛ පෙළේ සාමාජික රටකි. ගෝලාන් කඳුකර ප්‍රදේශය සිරියාවට අයිති බව ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයට ඩාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් පෙන්වා දී ඇත.

ඊශ්‍රායල හමුදා ගෝලාන් කඳුකරය බලෙන් අත්පත් කර ගැනීම සිදුවූයේ 1967 වසරේය. 1981 දී ඊශ්‍රායලය බලහත්කාරයෙන් ගෝලාන් කඳුකරය ඔවුන්ට අයත් භූමි ප්‍රදේශයක් ලෙස පිළිගනු ලැබීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිරියාව ද විරෝධයක් දක්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කිරීමට ද සිරියානු රජය පියවර ගෙන ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS