ආරක්ෂක ඇමති රෝහල් ගත කරයි



කුවේට් ආරක්ෂක ඇමති, ෂයික් නසීර් සභා අල්-අහමඩ් අල්-සභාට වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිදුකිරීම සඳහා ලන්ඩන් නුවර පිහිටි රෝහලකට ඇතුලත් කළ බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය පසුගියදා වාර්තා කළේය. 

වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව, අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව අමාත්‍යවරයාගේ සුවදුක් බැලීමෙන් පසු කුවේට් කථානායක, මර්ෂූක් අල්-ගාමින් ප්‍රකාශ කළේය.

ආරක්ෂක අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව නිවේදනයක් නිකුත් කරමින්කුවේට් ආරක්ෂක අමාත්‍යාංශයද තහවුරු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS