ආයුධ ගෙනා යාත්‍රාවක් අත්අඩංගුවට



සෞදි අරාබියේ මාර්ජන් තෙල් බිම් ආශ්‍රිත වෙරළ කලාපයට ආසන්න මුහුදේ  අවිඅයුධ රැගෙන යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සෞදි නාවික හමුදාව සමත්වී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

අවිආයුධ රැගෙන පැමිණ තවත් යාත්‍රා දෙකක් සෞදි නාවික හමුදාවේ අණ නොතකා පළා යෑමට සමත් වී ඇති අතර කඩාකප්පල්කාරි ක්‍රියාවන් සිදු කිරීම සඳහා අවිආයුධ රැගෙන එන්නට ඇති බවට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන බව වාර්තා වේ.

අදාල යාත්‍රාවේ ලියාපදිංචිය සහ එහි සිටි පුද්ගලයින් පිළිබදව විස්තරයක්සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර නොතිබු අතර යාත්‍රාවේ රතු සහ සුදු කොඩි දෙකක් තිබූ බව වාර්තා කර ඇත.

නීතිමය කටයුතු කර ගෙන යෑම සඳහා යත්‍රාවේ සිටි පුද්ගලයින් අදාල අංශයන් වෙත සෞදි නාවික හමුදාව භාර දී ඇති බව වාර්තා වේ.

කිසිදු බාහිර බලවේගයකට රට තුල ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදෙන බවත්,  ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීමටත් ත්‍රස්තවාදිය අතුගා දැමීමට සෞදි අරාබිය අධිෂ්ඨාන කරගෙන සිටින බව Sabq පුවත්පත වාර්තා කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS