ආබාධිතයන්ට සමරු මුද්දරයක්



එමිරේට්ස් තැපෑල ආබාධි පුද්ගලයන් වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

නව ලාංඡනයක් සහිත සමරු මුද්දරයක් නිකුත් කිරීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආබාධිතයන් පිළිබඳව නව බලාපොරොත්තුවක් ජනතාව තුල ඇති වන බව එමිරේට්ස් තැපෑල පැවසීය.

එමිරේට්ස් තැපෑල ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් සමරු මුද්දර 50,000 ක් නිකුත් කර ඇති අතර මධ්‍යම එමිරේටයේ, මධ්‍යම තැපැල් සතුට මධ්‍යස්ථානයෙන් සමරු මුද්දර ලබා ගත හැකිය.

දේශීය තැපැල් සේවා සැපයුම්කරු පළමු දින මුද්දර 1,000ක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS