ආපසු එන්වානම් විද්‍යුත් ක්‍රමයට තොරතුරු ඉල්ලයි



සෞදි අරාබියට පැමිණීමට කැමති විදේශගත සෞදි ජාතිකයන්ට විද්‍යුත් සේවාවක් සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය දියත් කර ඇති බව බහරේන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

එම විද්‍යුත් සේවාව ඔස්සේ තමන් සිටින රට සහ ප්‍රදේශය සඳහන් කර ලියාපදිංචිවන ලෙසත් නැවත සිය රට පැමිණීම සඳහා පහසුකම් සැපයීමට ඒ අනුව කටයුතු කරන බවත් සඳහන් කර ඇත.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල්- සවුඩ්ගේ සහ ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුඩ්ගේ නියෝගය අනුව මෙම විද්‍යුත් සේවාව ක්‍රියාත්මක වේ.

සියළු ඉල්ලීම් විදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන විද්‍යුත් සේවාව හරහා සිදුකරන ලෙසත්, ලැබෙන ඉල්ලීම් අනුව ගුවන්ගමන් සඳහා දිනයන් නියම කරන බවත්, අප්‍රේල් 5 සිට දින පහක් මෙම විද්‍යුත් සේවාව භාවිතා කළ හැකි බව අමාත්‍යාංශය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS