ආනයනික තහනම ඉවත් කරයි



ඕස්ට්‍රේලියාවෙන් බැටළුවන් ආනයනය කිරීමට පනවා තිබු තහනම කුවේට් බලධාරීන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ සිට මැදපෙරදිග රටවල් කීපයකට ප්‍රවාහනය කළ බැටළුවන් 2,000කට වැඩි සංඛ්‍යාවක් අමානුෂික ආකාරයෙන් මියගිය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ පළවීම හේතුවෙන් සහ සත්වවේදීන්ගෙන් එල්ල වු දැඩි බලපෑම් හේතුවෙන් බැටළුවන් ආනයනය කිරීම නවතා දැමීමට කුවේට් රජයට සිදුවිය.

මැදපෙරදිග රටවල් කීපයකට බැටවවන් 75,000ක් රැගෙන කුවේට් පශු සම්පත් සමාගමට අයත් නෞකාවක් බටහිර ඕස්ට්‍රේලියාවෙන් පිටත් වු බවත්, දින 14 පසු කුවේටයට ලඟා වන බව අල්-රායි වෙබ් අඩවියේ සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS