ආධාරකරුවන් පිරිසක් කූඩු කරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉන්දියානු පාපන්දු ආධාරකරුවන් පිරිසක් කූඩු කළ එමිරේට්ස් ජාතිකයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර පැවතිතරඟයේදීඑමිරේටයට සහය නොදී ඉන්දියාවට සහය දැක්වීම හේතුවෙන් කිපුණු පුද්ගලයා ආධාරකරුවන්ව කූඩු කර ඇත‍.

ඉන්දියානු ආධාරකරුවන්ව කූඩු කර තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට කිසියම් පුද්ගලයෙක් එක් කර ඇත.

ආධාරකරුවන්ව කූඩු කළ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර නීති මඟින් කටයුතු කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. 

“වීඩියෝව සැබවින්ම විහිළුවක්.’’ යනුවෙන් වීඩියෝව නැරඹු පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS