ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වසර 57 යි



කුවේට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වසර පනස් හතක් සපිරෙන බව කුවේට් මාධ්‍ය වාර්තා කර ඇත.

අභාවප්‍රාප්ත කුවේට පාලක, අමීර් ෂයික් අබ්දුල්ලා අල්-සලීම් අල්-සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා විශලා කාර්යභාරයක් ඉටුකර ඇති අතර කුවේට් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා’’ යනුවෙන්ද ඔහුව හඳුන්වයි.

කුවේට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්වරට අනුමත කරන ලද්දේ 1962 නොවැම්බර් 11 දින වන අතර සෑම වසරකදීම එම දිනය සැමරීමට කුවේට් රජය කටයුතු කරයි.  

කුවේටය සිය පළමුආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා 1962 ජනවාරි මාසයේදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තෝරා පත් කර ගෙන ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණය 1963 ජනවාරි 23 වන දින පැවැත්වීමට කුවේට් රජය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS