ආගමික වතාවත් අතරතුර මියගිහින්



සෞදි අරාබියේ හජ් ආගමික වතාවත්වල නිරත වෙමින් සිටි ඕමාන් ජාතිකයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

සයීඩ් බින් සලීම් අල්-වහයිබි ලෙස ඕමාන් ජාතිකයාව හඳුනා ගෙන ඇති අතර මියයෑමට හේතු වු කරුණු පිළිබඳව මෙතෙක් හෙළි කර නොමැත බව ටයිම් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඕමාන ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සෞදි හජ් ආගමික කටයුතු පිළිබඳකමිටුව සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS