ආගමික කටයුතු පාලනයට පනතක්



එමිරේට්ස් ෆෙඩරල් ජාතික සභාවේ සමාජිකයින් මුස්ලිම් දේවස්ථාන, එහි නඩත්තු කටයුතු සහ ආගමික කටයුතු නියාමනය කිරීම සඳහා පනතක්ෆෙඩරල් සභාවට ඉදිරිපත් කර සම්මත කරගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පනතට අනුව ඉස්ලාම් ආගමට සම්බන්ධ  දේශන, දේශනා, කුරාණය කටපාඩම් කිරීම, රැස්වීම් පැවැත්වීම, පරිත්‍යාග එකතු කිරීම, පොත් බෙදාහැරීම සහ වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම ඉස්ලාමීය කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ලබාගත යුතු වේ.

ඉස්ලාම් ආගමට සම්බන්ධ දේවල් පළකිරීම, කුරාණයේ පිටපත් බෙදාහැරීම, ගෘහභාණ්ඩ සැපයීම සහ රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්‍රහයන් පැවැත්වීම පනත මඟින් තහනම් කර ඇත.

පනත ක්‍රියාත්මක කිරීම සඳහා එමිරේට්ස් ජනාධිපති,  ෂෙයික් කලීෆා බින් සෙයිඩ් අල් නහියන් අනුමැතිය ලබාදිය යුතු වේ.

පනත උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මාස තුනක සිරදඩුවමක් සහ එමිරේට්ස් ඩිරාම් 20,000 කට නොඅඩු දඩයක් නියම කරනු ලැබේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS