අසාද් මරන්න හැදුවේ නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි ඇමෙරිකාවේ ප්‍රකට මාධ්‍යවේදියකු වන බොබ් වුඞ්වර්ඞ් පළ කළ පොතක සඳහන් වී ඇත.

මීට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමා කිසිම අවස්ථාවක සිරියානු ජනාධිපති අසාද් ඝාතනය කිරීමට ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා නොකළ බවය.

මේ බව ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් පවා අවධාරණය කර ඇති බව ද වාර්තා වේ. බොබ් වුඞ්වර්ඞ් ලියා ප්‍රසිද්ධියට පත් කළ පොත නම් කර ඇත්තේ ‘ද ෆියර්: ට්‍රම්ප් ඉන් ද වයිට් හවුස්’ යනුවෙනි. ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ එම පොතේ අඩංගු කරුණු බොහොමයක් වැරදි බවය.

(රොයිටර්)


RECOMMEND POSTS