අසාද් ගැන පැහැදීමක් නෑ - ට්‍රම්ප්



බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ගැන තමාගේ කිසිදු පැහැදීමක් නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු තැකීමක් නොකරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්, රසායනික විස වායු ප්‍රහාර එල්ල කර, සිරියානු වැසියන් අමු අමුවේ ඝාතනය කරමින්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කර ඇතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කරයි.

සිරියානු ජනාධිපති අසාද්ට මින් ඉදිරියට එරට වැසියන්ට එරෙහිව රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩක් ලබා නොදෙන බව ද ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ වොෂින්ටනයට පැමිණ සිටින ලෙබනන් ජනාධිපති සාද් හරීරි සමඟ මාධ්‍ය හමුවකට එක් වුණු අවස්ථාවේදීය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS