අසාද් ඉන්නකල් සිරියාවට උදව් කරන්නේ නෑ



අසාද් රෙජීමය බලයේ සිටින තාක්කල් සිරියාව යළි ගොඩනැගීමට උදවු ලබා නොදෙන බව අසාද් රෙජීමයට විරෝධය පළ කරන ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ සෙසු යුරෝපා රටවල් අවධාරණය කරයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ සමුළුවට සමගාමීව, ‘සිරියාවේ මිතුරන්’ යනුවෙන් එකමුතු වී සිටින රාජ්‍යයන් නියෝජනය කරන රාජ්‍ය නායකයින් සහ බලය අත්හැරීමට අකමැති සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රෙජීමයට හිතවත් රටවල නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්විණි.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් ද ඊට එක් විය. එහිදී බි්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා පැහැදිලිවම කියා සිටියේ අසාද් බලයේ සිටිනකල් සිරියාව යළි ගොඩනැගීමට සහාය නොදක්වන බවය. සිරියානු වැසියන්ගේ අනාගතය වෙනුවෙන් අසාද් ජනපති ධුරයෙන් ඉවත් විය යුතු යැයි ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS