අසර්බයිජාන් ජනාධිපති කටාර් සංචාරයක



අසර්බයිජාන් රාජ්‍යයේ ජනාධිපති ඉල්හාම් එලියාව් කටර් රාජ්‍යයේ නිල සංචාරයක් සදහා දෝහා නුවරට පැමිණි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ජනාධිපතිවරයා හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඉතා උණුසුම් ආකාරයෙන්  කටාර් ආර්ථික සහ වානිජ අමාත්‍ය ෂික් අහමඞ් බින් ජාසිම් බින් මොහොමඩ් අල්-තානි විසින් පිළිගන්නා ලදී.

මේ අවස්ථාව සදහා කටාර් හි අසබයිජාන් තානාපති, යුසිෆ් හසන් අල්සෙයි සහ අසර්බයිජාන්හි කටාර් තානාපති ටෝෆි අබ්දුල්ලා යේව් සහභාගිවු බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

ඉදිරි දින කීපයේදි රටවල් දෙක අතර ද්විපාර්ශවීය සාකච්ඡා අරම්භ කිරීමට නියමිතව ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS