අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දැම්මොත් වැඩ වරදි



අසභ්‍ය විඩියෝ සහ ඒ ආශ්‍රිත දේවල් අන්තර්ජාලයට එක්කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදීමට සෞදි බලධාරීන් කටයුතු කරමින් සිටින බව අක්බාර්24 පුවත්පත වාර්තා කළේය. 

කාමුක දර්ශන අන්තර්ජාලයට එක්කරන, බෙදාහරින, සහ වෙබ් පිටු පවත්වා ගෙන යන පුද්ගලයින් එරෙහිව වසර පහක සිර දඩුවමක් නියම කරන අතර සෞදි රියාල් මිලියන 03ක දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ.

අදාල නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ වැලැක්වීමේ නීතිය යටතේ ක්‍රියා කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.  
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS