අවුරුදු 27 කට පසු සවුදි යානයක්



බිඳ වැටුණු සබඳතා යළි ශක්තිමත් කර ගනිමින් සවුදි මගී ගුවන් යානයක් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට ගොඩබැස්සේය. ඒ, වසර 27 කට පසුව යැයි ද පැවැසෙයි.

පසුගිය දශක තුනක කාලයේ ඉරාකය සහ සවුදි අරාබිය අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුද පැවැතිණි. එම අර්බුද සමථයකට පත් කර ගැනීමට මේ වනවිට දෙරට උත්සහ දරමින් සිටී.

27 වසරකට පසු පැමිණි සවුදි මගී ගුවන් යානය මහත් හරසරින් පිළිගැනීමට ඉරාක බලධාරීහු කටයුතු කළහ. බැග්ඩෑඩයට පැමිණියේ ෆ්ලයිනාස් සවුදි ගුවන් සේවයට අයත් මගී යානයකි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS