අවස්ථාව මඟ හැරුණොත් අපරාදයක්



ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුද අවසන් කිරීමට  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය වේදිකාවක් කර නොගත්තොත්, එහි අනිසි බලපෑම් ලෝකවාසී සැමට අත්විඳින්න සිදුවනු ඇතැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් අවධාරණය කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයා සිය දේශනයේදී යෝජනා කළේ ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ සමුළුවට සහභාගී වී සිටින ඉරාන ජනාධිපති හසන් රොව්හානි අතර හමුවක් සමුළුවට සමගාමීව පැවැත්වීම කළ යුතු බවය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් හටගත් අර්බුදය මෙන්ම සෞදියේ තෙල් ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් එල්ලවුණු ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් හටගත් අර්බුදය ද හේතුනවන් ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS