අවයව සහ පටක නියාමනයට



මිනිස් අවයව සහ පටක ලබාගැනීමේදි සහ බද්ධ කිරීමේදි නියාමනය කිරීමට ඕමාන රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අවයව සහ පටක ලබාගැනීමේ සහ බද්ධ කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය කරන තාක්ෂණික කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය අහමඩ් බින්මොහොමඩ් බින් ඔබයිඩ් අල්-සයීඩි නියෝග කර ඇත.

අවයව එකතු කිරීමට සහ සංරක්ෂණය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානවලට බලපත්‍ර නිකුත් කිරීමට සහ ඥාති නොවන පුද්ගලයින්ට පටක සහ අවයවයන් බද්ධ කිරීම සඳහා අනුමැතිය ලබාදීමට අදාල වන යෝජනා සහ කොන්දේසි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමේ බලය තාක්ෂණික කමිටුවට හිමි වේ.

අවයව ලබාදෙන්නාගේ ලිඛිත තැමැත්ත මත සියලුම අවයවයන් ලබා දිය යුතුවන අතර බලපෑම් කර හෝ මුදල් මත  අවයවයන් ලබාගැනීම සපුරා තහනම් වේ.

පොදු එකඟතාවයක් නොමැතිව අවයවසහ පටක ලබාදෙන සහ ලබාගන්නා පුද්ගලයන්ගේ තොරතුරු එකිනෙකාට හෙළි නොකළ යුතු වන අතර එසේ හෙළිකරන පුද්ගලයන්ට විරුද්ධව ඕමාන් රියාල් 3,000ක් දඩ මුදලක් නියම කරන බව වාර්තා වේ. 

වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් වන අතර ඕමාන් රියාල් 6,000ක් දඩ මුදලක් නියම කිරීමේ හැකියාව ඇත.

මීට අමතරව තවත් කොන්දේසි සහ නීතිමය කරුණු රාශියක් ප්‍රකාශයට පත් කර ඇති අතර නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS