අවයව ජීවිත 5 බේරා ගනියි



සෞදි අරාබියේ මෝටර් රථ අනතුරකින් මොළය මියගිය තරුණයකුගේ අවයව බද්ධ කිරීමෙන් පුද්ගලයන් පස්දෙනෙක්ගේ ජීවිත බේරාගෙන ඇති බව වාර්තා වේ.

රියාද් නුවර ෆයිසාල් රජු විශේෂඥ රෝහලේ පැය 10 ශල්‍ය කර්මකින් පසු, කුඩා බඩවැල්, අක්මාව, හෘදය සහ වකුගඩු තරුණයාගෙන් ලබාගෙන ජීවිත අවධානම ඇති රෝගීන් පස්දෙනෙක්ට බද්ධ කර ඇත.

36 සහ 60 වයස්වල කාන්තාවන් දෙදෙනෙක්, 34 සහ 63 වයස්වල පිරිමි දෙදෙනෙක් සහ මාස 23 ක් වයස දරුවෙක් රෝගීන් පස්දෙනාට අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS