අවබෝධතා ගිවිසුමක්



ඉලෙක්ට්‍රොනික ආරක්ෂක සහයෝගිතාවයසඳහාවන අවබෝධතා ගිවිසුමක්ද ඇතුළුව සියළුම අංශ ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික ගිවිසුම් ක්‍රියාත්මක කිරීමටකුවේට් රාජ්‍යය සහ එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම කුවේට් නියෝජ්‍ය විදේශ ඇමති, කාලෙඩ් අල්-ජරල්ලා සහ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව සඳහා වන බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමති, ඇලිස්ටෙයාර් බර්ටි අතර ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේදි සිදු වු බව බව වාර්තා වේ. 

දේශපාලන, යුද, ආරක්ෂාව, ආර්ථික සහ සංස්කෘතික යන අංශයන් කෙරෙහි අවධානය යොමු කරමින් අදාල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කල බව නිවේදනයක් නිකුත් කරමින් දෙරටේ නායකයින් ප්‍රකාශ කලහ.

අත්‍යාවශ්‍ය ආර්ථික ක්ෂේත්‍රයන් හි ආයෝජන වර්ධනය කිරීම සහ ධෛර්යමත් කිරීම සඳහා දෙරට අතර වෙළඳ  හුවමාරු ප්‍රමාණය වැඩිකිරීම සඳහාද අවධානය යොමු වු බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS