අවදානම් රටවලට යන්නේ නෑ



කොරෝනා වයිරස අවදානමක් පවතින රටවලට ගුවන් ගමන් ක්‍රියාත්මක නොකරන බව කුවේටයෙන් වාර්තා වෙයි.

මෙසේ පවසා ඇ.ත්තේ කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියයි.

කොරෝනා අවදානමක් ඇති රටවල් ලෙස කුවේටය හඳුනාගෙන ඇත්තේ ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, ලෙබනනය සහ ශ්‍රී ලංකාව ය. කුවේටයේ මෙම රටවලින් පැමිණි පිරිස් වැඩිය.

ඊට අමතරව චීනය, ඉරානය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඉතාලිය සහ ඉරාකය ද කුවේට් ලැයිස්තුවට ඇතුළත් වන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS