අලුතින් 92 ක් හඳුනාගත්තා: සෞදිය කියයි



සෞදි අරාබිය අලුතින් කොරෝනා ආසාදිතයන් 92 ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

රියාද් නුවරින් ආසාදිතයන් 46ක්ද, මදීනා නුවරින්19ක්ද,අල්-කටීෆ් නුවරින්10ක් ජෙඩ්ඩා නුවරින් 07ක්ද, දම්මම් නුවරින් 04ක්ද, ධරාන් නුවරින් 02ක්, බුරෙයි නුවරින් 02, හූෆොෆ් නුවරින් 01සහ අල්-කොබාර්නුවරින් 01සොයාගෙන තිබේ.

ඒ අනුව, සෞදි අරාබියේ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 1,104 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ආසාදිතයන් 92දෙදෙනාගෙන් 10දෙනෙක් විදේශ සංචාරවල නිරත වී ඇති අතර, ඉතිරි 82දෙදෙනාම කොරෝනා ආසාදිතයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරගෙන ඇත.

මේවනවිට පුද්ගලයන් 45,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය මුහම්මද් අල්-අබ්දෙල් අලි පැවසීය.

පුද්ගලයන් 6 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, අනිත් අයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, 35 දෙනෙක් සුවය ලබා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ගැසට්, රියාද් නුවර)

RECOMMEND POSTS