අලුත් වීසා ගාස්තුවක් ගෙවන්න වෙයි



ඊජිප්තුවේ සංචාරය කරන ගල්ෆ් ජාතිකයන්ට අලුතින් වීසා ගාස්තු ගෙවීමට සිදුවන බව වාර්තා වේ.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය, කුවේට් රාජ්‍යය සහ ඕමානය යන රටවලින් ඊජිප්තුවට පැමිණෙන සංචාරකයන්ගෙන් නව වීසා ගාස්තුවක් අය කරගන්නා බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඊජිප්තු නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසිවලට අනුව ඔක්තෝබර් 31 දක්වා වීසා ගාස්තු නිදහස් කිරීම් කීපයක් ද සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS