අල්-හවුට් සාප්පු සංකීර්ණයේ ගින්නක්
ඩුබායි හි අජ්මාන් නුවර අල්-රවුඩා කලාපය 02 තුල පිහිටා ඇති අල්-හවුට් සාප්පු සංකීර්ණයේ විශාල ගින්නක් හටගත් බව ජි.ඩි.එන් ඔන්ලියන් වෙබ් අඩවිය වාර්තා කළේය.
ගිනි ගන්නා අවස්ථාවේදි, සාප්පු සංකීර්ණයවිශාල කළු දුම් වළාවන්ගෙන්සම්පූර්ණයෙන්ම වැසි තිබෙන ආකාරය අල්-බයන් පුවත්පතට අයත් වෙබ් අඩවියේ පළ කරන ලද විඩියෝ දර්ශණ වල දක්නට ලැබේ.
අජ්මාන් නුවර සිවිල් ආරක්ෂක අධිකාරියට අයත් ගිනි නිවන භටයින් පැමිණ මහත් පරිශ්රමයකින් පසු ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව ජි.ඩි.එන් ඔන්ලියන් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)