අල් සීසීට විශිෂ්ට ජයක්



ඊජිප්තු ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී විශිෂ්ට ජනවරමක් හිමිකර ගත්තේය.

අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ අල් සීසී සියයට 92 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බවය.

හිටපු හමුදාපතිවරයා ද වන අල් සීසී ඊජිප්තුවේ ජනාධිපති ධුරයට පත්වුණු දෙවැනි අවස්ථාව මෙයයි.

කෙසේ නමුත් මෙවර ජනාධිපතිවරණයේදී අල් සීසීට අභියෝග කිරීමට සිටියේ එක් අපෙක්ෂකයකු පමණි. මූසා මොස්තාෆා මෝසා වුණු ඔහු ද අල් සීසීගේ හිතවතෙකි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS