අල්-මක්ටුම් පාලම වසා දැමේ



ඩුබායි හි පිහිටා ඇති අල්-මක්ටුම් පාලම වාර්ෂිකව සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් සියළුම සිකුරාදා දිනයන් හිදී තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇතිබව ඩුබායි මාර්ග සහ රථවාහන අධිකාරිය නිවේදනය කළ බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

පසුගිය ඔක්තෝබර් 27 දින සිට නොවැම්බර් 24 දක්වා, පෙ:ව 01.00 - පෙ:ව 09:00 අතර කාලය තුලදී පාලම වසා දැමේ.

පාලම යටින් යාත්‍රා කරන සියළුම යාත්‍රාවන් ඉරිදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී පෙ:ව 01.00 - පෙ:ව05:00 දක්වා සීමාකරන බව අධිකාරිය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ව ඇත.

අල්-මක්ටුම් පාලම 1963දී විවෘත කර ඇති බවත් පාලමේ නඩත්තු කටයුතු හේතුවෙන් ඇති වන වාහන තදබදයට පිළියමක් ලෙස සියළුම වාහනවිකල්ප මාර්ගයන් ඔස්සේ හරවා යැවීමට කටයුතු කරන බව ඩුබායි මාර්ග සහ රථවාහන අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS