අල් නුස්රා පහක් මරුට



සිරියානු රජයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අල් නුස්රා ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් පස් දෙනකු රුසියන් හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.

අල් නුස්රා යනුවෙන් හැඳින්වෙන්නේ ‘අල් කයිඩා’ සංවිධානයට අනුබද්ධ ත්‍රස්ත සංවිධානයයි. මොවුහු සිරියානු විපක්ෂ කණ්ඩායම් සමඟ එක් වී සිටිති.

සිරියානු රජය පෙරළා දැමීමට විපක්ෂ සන්නද්ධ කල්ලි සටන් වදින්නේ අල් නුස්රා පෙරමුණේ සහාය ඇතිව යැයි පැවැසෙයි. ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ද මෙම අල් නුස්රා පෙරමුණට යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS