අල්-ටයිෆ්හි සිදුවූ රිය අනතුරකින් ගුරුවරියන් අට දෙනෙකු තුවාල ලබයි



අල්-ටයිෆ් හිදි සිදුවූ රිය අනතුරකින් ගුරුවරියන් 8දෙනෙකු තුවාල ලබා ඇත. 

මෙම ගුරුවරියන් උදෑසන 6.05ට පමණ කුඩා පුමාණයේ බස්රථයකින් පාසලට යමින් සිට ඇති අතර එම බසය පැදවු රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා බසය අනිත් පැත්ත පෙරළී ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ ගුරුවරියන් 6දෙනෙකු ප්‍රතිකාර සදහා අල්-ලයිත් රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ගුරුවරියන් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇත.

ගුරුවරියන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.    


(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS