අල්-ටයිෆ් හිමෙන් වැසෙයි



සෞදි අරාබියේ ජෙඩ්ඩා පළාතේ පිහිටි අල්-ටයිෆ් නගරයේ විශාල භූමි ප්‍රමාණයක් හිමෙන් වැසී ඇති බව වාර්තා වේ.

හිමෙන් වැසී තිබෙන කඳු පන්තිවල චමත්කාර ජනක ඡායාරූප සහ වීඩියෝ සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කිරීමට පුද්ගලයන් කටයුතු කර ඇත.

පසුගිය දින කීපයේ පැවති අධික වාර්ෂාපතනය හේතුවෙන් මක්කම සහ අනිකුත් ප්‍රදේශයන්ට බලපෑමක් එල්ල වු අතර ජෙඩ්ඩා නගරයේ පාසල් පවා වසාදැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදු විය.

ගිගුරුම් සහිත වැසි, හිමකැට සහිත වැස්ස, සුළං සමඟ දූවිලි හමා යෑමේ හැකියාවක් ජාසන්, අසිර්, අල්-බහ්, මක්කා, මඩීනාහ් සහ ටබුක් යන නගරවල පැවතීම හේතුවෙන් මෝටර් රථ ධාවනයේදි වඩාත් සැළකිලිමත් වන ලෙස රියදුන්ගෙන් සහ මහජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS