අල් ජසීරා වසා දමන්න සැරැසෙයි



ප්‍රචණ්ඩත්වය වපුරුවන බවටත්, ත්‍රස්තවාදවට උඩගෙඩිදෙන බවටත් චෝදනා කරමින්, ජෙරුසිලමේ පිහිටි අල් ජසීරා ජාත්‍යන්තර පුවත් කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල රජය සූදානම් වෙයි.

ඊශ්‍රායල ජන සන්නිවේදන අමත්‍යංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අල් ජසීරා නාළිකාව වසා දැමීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇති බවත්, එහි මාධ්‍යවේදීන්ගේ සියලු වරප්‍රසාද අහිමි කිරීමට රජය තීරණය කළ බවත්ය.

ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඉහවහා ගොස් ඇත්තේ අල් ජසීරා නාළිකාවේ අපක්ෂපාතී පුවත් වාර්තාකරණය නිසා යැයි ඊශ්‍රායල සන්නිවේදන කටයුතු ඇමැති අයුබ් කාරා දිගින් දිගටම චෝදනා කර ඇත.

මීට සති කිහිපයකට පෙර, පැරැණි ජෙරුසිලම නගරයේ අල් අස්කා මුස්ලිම් පල්ලිය මුල් කොට ගනිමින් ඊශ්‍රායල පලස්තීන ගැටුම් හටගත්තේය. එම ගැටුම් උත්සන්න වූයේ අල් ජසීරා පුවත් නාළිකාවේ පුවත් වාර්තාකරණය නිසා යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ද පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS