අල්-ජසීරා ත්‍රස්තවායට උදව් කරනවා



අල්- ජසීරා රූපවාහිනී ජාලය ත්‍රස්තවායට උදව් කරන බවට බහරේන් රාජ්‍යය චෝදන එල්ල කරයි. 

ත්‍රස්තවාදී සහ අන්තවාදී කණ්ඩායම්වල මතවාද රූපවාහිනි නාලිකාව හරහා විකාශනය කිරීමට කටයුතු කරන බවබහරේන් විදේශ අමාත්‍ය, ෂෙයික් කාලිඩ් බින් අහමඩ් අල්-කලීෆා ප්‍රකාශ කළේය.

අල්-ජසීරා රූපවාහිනි නාලිකාව ත්‍රස්තවාදයට උදව් කරන ආකාරය පිළිබඳවකයිරෝ නුවර පැවති අරාබි ලීග් අමාත්‍ය සමුළුවේදිදැනුවත් කිරීමටබහරේන් විදේශ අමාත්‍යවරයා කටයුතු කර ඇත.

අල්කයිඩා, අයි.එස්.අයි.එස්,බොකෝ හරාම්,සෝමාලියාවේ ඉස්ලාමීය තරුණව්‍යාපාරය සහ යේමනයේ අන්සාර් අල්ලාහ් වැනි ත්‍රස්ත සංවිධානවල මතවාදයන් ජනතාව තුල ගොඩනගා ගැනීමට නීතිවිරෝධි ආකාරයෙන් දශක දෙකක කාලයක් තිස්සේ අල්- ජසීරා රූපවාහිනී ජාලය ප්‍රධාන වේදිකාවක් බවට පත් වී ඇති බව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර) 

RECOMMEND POSTS