අල්-ජසීරා 21 සංවත්සරය සමරයි



කටාර් රාජ්‍යයේ මාධ්‍ය ජාලයක් වන අල්-ජසීරා මධ්‍යායතනය 21වෙනි වසරට පාතබා ඇති බව අල්-ජසීරා වෙබ් අඩවිය වාර්තා කළේය.

කටාර් රාජ්‍යයට එරෙහිව සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය, බහරේනය සහ ඊජිප්තුව රාජ්‍යත්‍රාන්තික සම්බන්ධතාවයන් අත්හැරීමට ගත් තීරණයෙන් පසුව එම රටවල පිහිටුවා තිබු අල්-ජසීරා රුපවාහිනි කාර්යාල සහ නාලිකාව විකාශනය කිරීම තහනම් කිරීමට පියවර ගත්තේය.

ව්‍යාජ ප්‍රවෘත්තීන් පළකිරීමේ චෝදනාව මත අල්-ජසීරා මාධ්‍යජාලයේ මාධ්‍යවේදියකු වන මහමුද් හුසේන් දින 300කට වැඩි කාලයක් ඊජිප්තුවේ සිරගත කර සිටින අවස්ථාවක 21 වන සංවත්සරය සැමරීමට සිදු ව ඇත.

මාධ්‍යවේදියාට එල්ලකරනු ලබන සියලු චෝදනාවන් අල්-ජසීරා මාධ්‍යජාලය ප්‍රතික්ෂේප කරන අතර තම මාධ්‍යවේදියාව හැකි ඉක්මනින් නිදහස් කරන ලෙස ඉල්ලා ඇත.

මහමුද් හුසේන්ට බොරු චෝදනාවන් එල්ල කරමින් රදවා තබාගැනීම හෙලා දකිමින් මානව හිමිකම් සංවිධාන රැසක් ඔහුව නිදහස් කරන ලෙස බලපෑම් කරමින් සිටින බව අල්-ජසීරා වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-ජසීරා පුවත් ඇසුරෙනි)                


RECOMMEND POSTS