අල් කයිඩාවෙන් අනතුරු



ඇමෙරිකාව ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින්, අල් කයිඩා ත්‍රස්ත නායක අයිමාන් අල් සවාරි ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඇමෙරිකාව ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමත්, තානාපති කාර්යාලය ටෙල් අවීව් සිට ජෙරුසලමට මාරු කිරීමත් සම්බන්ධයෙන් අල් කයිඩා සංවිධානය දැඩි ලෙස විරෝධය පළ කරන බව අල් සවාරි කියා සිටී.

අල් කයිඩා නායක අල් සවාරි, මෙම අනතුරු ඇඟවීම කළේ වීඩියෝ පටයක් නිකුත් කරමිණි. ජෙරුසලම පමණක් නොව, ඊශ්‍රයලයට අයත් ටෙල් අවීව් නුවර ද මුස්ලිම්වරුන්ට අයත් භූමියක් බව අල් සවාරි පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS