අල් කයිඩා සහාය ඇමෙරිකාවට
යේමනයේ ෂියා මුස්ලිම් ‘හවුති’ සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර එල්ල කිරීමේදී ඇමෙරිකාවට යේමන අල් කයිඩා සංවිධානයේ ද සහාය නොඅඩුව හිමිවන බව අනාවරණය වී ඇත.
මේ බව අනාවරණය කළේ ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවයයි. යේමනයේ ක්‍රියාත්මක අල් කයිඩා ශාඛාවේ ප්‍රධානී කසීම් අල් රීමි මේ බව සනාථ කොට ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකන් හමුදා සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් යේමන රජය පෙරළා බලය අත්පත් කරගත් ෂියා මුස්ලිම් ‘හවුති’ සටන්කාමීන්ට එරෙහිව සටන් විදී.
ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඇමෙරිකාවේ සතුරකු වුවත් ඔවුන් පරාජය කිරීමට ඇමෙරිකාවට සුන්නි මුස්ලිම් ‘අල් කයිඩා’ සහාය අවශ්‍ය වී ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී. හවුති සටන්කාමීන්ට එරෙහිව සෞදි අරාබිය ද ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඒ, ඇමෙරිකාවට සහාය පළ කරමිනි.
(ප්‍රෙස් ටීවී)