අල් කයිඩා දෙවැනියා ඉරානයේදී මරා දැමේ



අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන අබ්දුල්ලා අහ්මද් අබ්දුල්ලා ඉරානයේ තෙහෙරාන් නුවරදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.

1998 වසරේ අප්‍රිකා රටවල ඇමෙරිකන් තානාපති කාර්යාල බලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සැලැසුම් කළේ අබ්දුල්ලා අහ්මද් අබ්දුල්ලාය.

ඊශ්‍රායල රහස් ඒජන්තවරුන් අබ්දුල්ලා අහ්මද් අබ්දුල්ලා වෙඩි තබා මරා දමා ඇත්තේ තෙහෙරාන් අගනුවර වීදියකය. ඒ පසුගිය අගෝස්තු 7 වැනිදාය. කෙසේ නමුත් ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (14) ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතය.

තෙහෙරාන් අගනුවරදී ඊශ්‍රායල රහස් ඒජන්තවරුන් අබ්දුල්ලා අහ්මද් අබ්දුල්ලා ඝාතනය කළ බව ඉරානය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. අබ්දුල්ලා අහ්මද් අබ්දුල්ලා ඝාතනය සිදු කර ඇත්තේ ඇමෙරිකන් සී.අයි.ඒ. ඒජන්තවරුන් ලබා දුන් තොරතුරු අනුව යැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS