අල් අල්ක්සා පල්ලිය විවෘත කෙරේ



ජෙරුසලමේ අල් අල්ක්සා මුස්ලිම් දේවස්ථානය මාස දෙකකට පසු යළි විවෘත කර ඇත. දේවස්ථානය වසා දැමුණේ ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙනි.

ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ දේවස්ථාන අතරින් තෙවැනි ස්ථානයේ ඇත්තේ මෙයයි. මාස දෙකකට පසු දේවස්ථානය විවෘත කිරීමත් සමඟ පැවැත්වුණු පළමු දේව මෙහෙයට බැතිමත්හු බොහෝ දෙනෙක් සහභාගී වූහ.

ඉස්ලාම් බැතිමතුන්ගේ සෙසු ප්‍රධාන ශුද්ධ වූ ස්ථාන ලෙස සැලකෙන්නේ සෞදියේ මක්කම සහ මදීනා යන නගරවල පිහිටි දේවස්ථානය.

(අල් ජසීරා)


RECOMMEND POSTS