අල් අක්සා දේවස්ථානයේ මුර කුටියක ගින්නක්



ජෙරුසලෙමේ අල් අක්සා දේවස්ථානයේ මුර කුටියක ගින්නක් ඇති වූ බවත් සාර්ථකව එම ගින්න නිවා දැමීමට හැකි වූ බවත් බලධාරීහු ප්‍රකාශ කළහ. 

දේවස්ථානය විවෘතව පවතින බව ද එම බලධාරීහු කීහ. අල් අක්සා දේවස්ථානයේ මෙම ගින්න ඇතිවූයේ ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රදාම් දේවස්ථානයේ ගින්න ඇති වූ අවස්ථාවේදීමය. 

“ගින්න ඉක්මනින් නිවා දැමුවා” යැය ඊශ්‍රායල පොලිසිය පසුව නිවේදනය කළ අතර ගින්නට හේතු වූ කුමක්දැයි සොයා විමර්ශන කෙරෙන බව ද සඳහන් කළේය. 

‘මර්වානි යාඥා කුටිය’ට ඉහළින් පිහිටි මුර කාමරයක ගින්න ඇති වූ බව දේවස්ථානය සහ එම පරිශ්‍රයේ කටයුතු බාරව කටයුතු කරන ‘වක්ෆ්’ ආගමික සංවිධානය පැවැසීය. 

තරුණයන් පිරිසක් එම ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටි බවත් ඔවුන් අත ගින්දර තිබූ බවත් එම සංවිධානය සඳහන් කළේය. එනමුත් වැඩිදුර විස්තර සඳහන් නොකළේය.  

ජෙරුසලෙමේ පිහිටි අල් අක්සා දේවස්ථානය මුස්ලිම් සහ යුදෙව් බැතිමතුන්ගේ ශුද්ධ ස්ථානයකි. මෙම දේවස්ථානය ‘ටෙම්පල් මවුන්ට්’ යනුවෙන් ද හැඳින්වේ. මෙම දේවස්ථානයේ ඉස්ලාම් දහමේ තෙවැනි ශුද්ධ ස්ථානය ලෙස සැලකෙන අතර යුදෙව් ආගමේ ශුද්ධ වූ ස්ථානය ලෙස හැඳින්වේ. 

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී. ඇසුරිනි 

RECOMMEND POSTS