අරාබියේ වඩාත් සෞඛ්‍යසම්පන්න රට ලෙබනනයි !



අරාබි කලාපය තුළ වඩාත් සෞඛ්‍යසම්පන්න රට වශයෙන් ලෙබනනය තේරී ඇත.

ලෝක ප්‍රසිද්ධ බ්ලූම්බර්ග් සඟරාව විසින් සිදු ලෝකයේ වඩාත් සෞඛ්‍යසම්පන්න රටවල් තෝරා ගැනීමේ සමීක්ෂණයේදී ලෙබනනය අරාබි කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රාජ්‍ය බවට පත්ව ඇත.

ලෙබනනයේ ජනතාව සිය දෛනික ආහාරවේල් සඳහා ඔලිව් තෙල් , ලෙමන් යුෂ ,සහ සුදුලූණු වැනි ද්‍රව්‍ය ඉතා බහුල වශයෙන් යොදා ගැනීම හේතුවෙන් එරට මෙලෙස වඩාත් සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන බව බ්ලූම්බර්ග් වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව අරාබි කලාපය තුළ වඩාත් සෞඛ්‍යසම්පන්න රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට කටාර් රාජ්‍යයද,තෙවැනි ස්ථානය බහරේනයද , සිව්වැනි ස්ථානය එකස්ත් අරාබි එමීර් රාජ්‍ය විසින්ද ,පස්වැනි ස්ථානයට ඕමානය තේරී පත් ඇති බව බ්ලූම්බර්ග් සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

ලෝකයේ රටවල් 163 ක් අතුරින් වඩාත් සෞඛ්‍යසම්පන්න ලෙසින් සිටින රාජ්‍යය වශයෙන් ඉතාලිය තේරීපත්ව ඇත.ඉන්පසු පිළිවෙළින් අයිස්ලනත්ය ,ස්වට්ස්ර්ලන්තය , සිංගප්පූරැව ,ඕස්ට්‍රේලියාව ,ස්පාඤ්ඤය ,ජපානය ,ස්වීඩනය ,ඊශ්‍රායලය ,ලක්සම්බර්ගය තේරී පත්ව සිටිති.

අරාබි කලාපය තුළ ප්‍රථම ලැයිස්තුවට පත්ව ඇති ලෙබනනය එම රටවල් 163 න් 32 වැනි ස්ථානයේ පසුවෙති.

අරාබි කලාපයේ රටවල් අතුරින් ලෙබනනය හැම විටම සෞඛ්‍ය සේවා සදහා විශේෂ ස්ථානයක් ලබා දෙන අතර එරට මිලියන 8ක් වූ ජනගහනය සදහා වෛද්‍ය විද්‍යාල 9ක් පිහිටුවා තිබේ.එසේම සෑම වසරකම සර්වාංග වෛද්‍ය උපාධිධාරීන්  350 දෙනෙකු එරට සෞඛ්‍ය සේවා වෙත යොමු කෙරේ.ඉන් එරට පුරවැසියන් 350 දෙනෙකුටම සර්වාංග වෛද්‍යවරැන් සිටිති.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS