අරාබි සමුළුවේ තීරණ ගැන සාකච්ඡා
අරාබි සමුළුවේදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍ය අයිමාන් සෆාදිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් රැස්ව තිබේ.
පසුගිය මාර්තු මාසයේදී ජෝර්දානයේ අම්මාන් නුවර පැවැති අරාබි සමුළුවේදී ගන්නා ලද තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ජෝර්දාන පුවත් සේවය වන පෙට්රා වාර්තා කර තිබිණි.
අරාබි ලීගයේ මූලස්ථානය වන කයිරෝ හි පැවැති මෙම කමිටු රැස්වීමේදී අදාළ තීරණ ඉටු කිරීම සම්බන්ධයෙන් මෙන්ම පලස්තීන අර්බුදය, සිරියානු අර්බුදය සහ යේමනයේ සහ ලිබියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා තිබේ.
අරාබි සමුළුවේ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජෝර්දානය මූලිකත්වය ගෙන කටයුතු කිරීම ඇගයිය යුතු යැදි ද අරාබි සමුළුවේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් එහිදි ප්‍රකාශ කර තිබේ.
මෙහිදි අරාබිකරයේ කටයුතුවලට ඉරානය මැදිහත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ. මෙම කමිටුව ජෝර්දානයට අමතරව සෞදි අරාබිය, මොරිටේනියා, ඇල්ජීරියා, ජිබුටි යන රටවල නියෝජිතයන්ගෙන් සමන්විතය.
ජෝර්දාන් ටයිම්ස්