අරාබි ලොවේ සතුටින්ම සිටින රට: එක්සත් අරාබි එමීරය



තෙවැනි වරටත් අරාබි කලාපයේ සතුටින්ම සිටින රට බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව තිබේ.

මේ බව අනාවරණය වූයේ ඉකුත් දා ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ ලොව සතුටින්ම සිටින රටවල වාර්තාව 2017 වෙනි.

ලෝක මට්ටමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 21වැනි ස්ථානය හිමිව තිබෙන අතර කටාර් රාජ්‍යයට 35 වැනි ස්ථානයත් සෞදි අරාබියට 37 වැනි ස්ථානයත් කුවෙට් රාජ්‍යයට 39 වැනි ස්ථානයත් බහරේනයට 41 වැනි ස්ථානයත් හිමි ව තිබේ.

එක්සත් අරාබි රාජ්‍යය මෙවර ස්ථාන අටක් ඉදිරියට පැමිණීම ද සුවිශේෂී තත්ත්වයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අතින් ගෝලීයව ඉදිරියෙන්ම සිටින අතර ආර්ථික තෘප්තිමත්භාවය අතින් දෙවැනි තැනටත් පහසුකම් අතින් ගෝලීයව සිව්වැනි තැනටත් පත්ව තිබේ.

අනාගත ආර්ථික තත්ත්වය අතින් ද ගෝලීයව දෙවැනි තැනටත් ජීවත්වීමේ තත්ත්ව අතින් ගෝලීයව සිව්වැනි තැනට පත්වීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇත.

ගල්ෆ් නිව්ස් ඇසුරිනි


RECOMMEND POSTS